Korean Folk Village and Everland Resort in Yonging -කොරියානු ජන ගම්මානය හා එවර්ලන්ඩ් උද්‍යානය (යොන්ගින්)

Get Sinhala Fonts

1. Korean Folk Village (한국민속촌)

1. කොරියානු සාම්ප්‍රදායික ජන ගම්මානය

Korean Traditional Folk Village of Yonging, Gyeonggi-do province preserves the traditional village life-style of late Joseon period. Here you can see various types of village houses built according to the different styles practiced by different areas of old Korea. When you enter the folk village through the hay-covered entrance door, the feeling changes instantly as if you have traveled back in time. Every thing becomes calm and quite, highlighting how calm and peaceful the by-gone days. While meandering along the village paths you can see traditional shops, and small home-gardens. 

කොරියානු ජන ගම්මානය ජෝසොන් රාජධානි සමයේ අවසන් භාගයේ ජන ජීවිතය කෙසේ වීදැයි විහිදා දක්වනු වස් නිර්මාණය කල, පැරණි ජන ජීවිතය නිරුපණය කරන එළිමහන් කෞතුකාගාරයකි. පැරණි කොරියාවේ විවිධ ප්‍රදේශවල ගෘහ නිර්මාණ ක්‍රමයන් අනුව ඉදිකළ විවිධ හැඩයේ ගැමි නිවාස මෙහිදී ඔබට දැකිය හැකිය. නිදහස් හා පරිසර හිතකාමී මෙම ගම්මානයේ කුඩා මංපෙත් ඔස්සේ ඇවිද යමින් පැරණි ආරයේ කඩ මණ්ඩි හා ගෙවතු කෙසේ වීදැයි අවබෝධයක් ලබා ගත හැකිය.

















Towards the center of the village you can find the circular performance area where you can enjoy various traditional performances. I was lucky enough to witness the the Farmers' Dance and Music performance. A video of the live performance can be viewed below. I wish I was able to watch the tight-rope walking and acrobatics performance as well. But unfortunately since it was a Monday that performance was not held. Equestrian Feats and Traditional Wedding ceremony performances are also there. 

ගම්මානයේ මැද හරියට වන්නට පිහිටා ඇති වෘත්තාකාර රංග පීඨයේ විවිධාකාර ඉදිරිපත් කිරීම් නරඹන්නට ඉඩප්‍රස්ථාව ඇත. මෙහිදී ඉදිරිපත් කල සාම්ප්‍රදායික ගොවි නැටුමක වීඩියෝ පටය පහතින් නැරඹිය හැකිය. මීට අමතරව ලණු මත ඇවිදයාමේ හරඔ, අසුන් පිට යමින් කරන හරඔ, සාම්ප්‍රදායික මංගල උත්සවය යනාදී ඉදිරිපත් කිරීම් ද ඇත.





You can try your hands on various cultural experiences as well. Like making and playing Danso Flute, Riding Horses, Traditional Games etc. I tried to play Danso flute which proved to be quite difficult.  

නොයෙකුත් සාම්ප්‍රදායික කලාවන් අත්හදා බැලීමේ ඉඩ ප්‍රස්ථාව ද සලසා ඇත. සම්ප්‍රදායික කොරියානු බට නළා (දන්සෝ) වාදනය, ජන ක්‍රීඩා, අසුන් පිට යෑම වැනි විවිධ අංගයන්ට සහභාගී විය හැකිය. මවිසින් අත්හදා බැලූ විට,  දන්සෝ වාදනය නම් තරමක් අසීරු බව පසක් විය.



Korean Folk Village has served as a background for number of Korean Dramas and Movies. Dae Jung Gum (대장금), Such as You who came from Stars (별에서 온 그대), Arang and the Magistrate (아랑사또전), Rooftop Princes(옥탑방 왕세자), Warrior Baek-dong So (무사 백동수), Moon that Embraces the Sun (해를 품은 달), Queen Seondeok (선덕 여왕) and many more. You can see the drama replicas, Hand-prints of actors and actresses and Drama Scripts as well. 

මෙම ගම්මානය නොයෙකුත් කොරියානු නාට්‍ය හා චිත්‍රපට පසුබිමක් ලෙසද භාවිතා වී ඇත. ශ්‍රී ලංකාවේ පවා ජනප්‍රිය වූ සුජාත දියණි, හිරු සඳුට ආදරෙයි,ජනහිතකාමී රැජිණ සහ තවත් බොහෝ නාට්‍ය මෙහිදී පටිගත කර ඇත. මෙම නාට්‍ය වල පිටපත්, රංගන ශිල්පීන්ගේ අත් සටහන් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
















You can try different types of Korean Food at the Bazaar area and in the Market Village area. I highly recommend you should try Sea-food and Green Onion mixed Korean Pizza !

Want to visit there? Find more info here-
  Official Folk Village Webpage- (multi-language)


2. Everland Resort 

2.එවර්ලන්ඩ් උද්‍යානය

Everland Resort of Yongin, Gyeonggi-do province is the largest amusement park in South Korea. It has a ground theme park (Everland) , a water sports park (Caribbean Bay), and a Cabin Lodge resort (Home Bridge).  I got the chance to visit the ground theme park where you can enjoy a safari style zoo experience, and various roller coaster rides.

දකුණු කොරියාවේ විශාලතම විනෝද ක්‍රීඩා උද්‍යානය එවර්ලන්ඩ් උද්‍යානයයි. ප්‍රධාන කොටස් තුනකින් සමන්විත මෙහි, විනෝද ක්‍රීඩා උයනක්‌,ජල ක්‍රීඩා උයනක්‌ හා කැබින් මාදිලියේ හෝටල් සංකීර්ණයක් ඇත.







The ground theme park is comprised of 5 different theme areas. Global Fair, American Adventure, Magic Land, European Adventure and Zoo Topia. The park is so large you can not cover the whole park within a day. If you have limited to time to spend obviously you will have to select, but the problem will be which parts of the park to be dropped since everything seem so attractive.

I selected Zootopia where I got the chance to enjoy a safari type zoo experience. You will see camels, giraffes, elephants, lions, tigers, cheetahs, rhinos, flamingos in an environment similar to their natural habitat. The stars of the show are the white tiger and performing Bears.

විනෝද ක්‍රීඩා උයන කොටස් 5 කින් සමන්විතය. Global Fair, American Adventure, Magic Land, European Adventure, Zootopia එම කොටස් යි. එක් දිනක් ඇතුලත් නරඔා අවසන් කල නොහැකි තරම් මෙම විශාල උද්‍යානයේ මවිසින් තෝරා ගත් අංගය වුයේ සෆාරි මාදිලියේ අත්දැකීමක් ලබා දෙන Zootopia නම් සත්වෝද්‍යානයයි. මෙහිදී කොටින්, සිංහයන්, ජිරාෆ් ,චීටා,රයිනෝ ආදී නොයෙක් සතුන් ඔවුන්ගේ ස්වභාවික වාස භුමි වලට සමාන වාසභූමිවල ජීවත් වන අයුරු දැක බලා ගත හැක. මෙහි වඩාත් ආකර්ශනීයම අංගයන් වනුයේ සුදු ව්‍යාඝ්‍රයා, හා නොයෙකුත් රැගුම් දක්වන වලසුන්ය.

















The park has an array of roller-coaster rides which are sure to heighten your adrenaline levels. T-express is the crown of these roller-coasters. It is made up completely out of wood and has a 77 degrees angled fall. Rolling X-train is another roller-coaster with two 360 degrees spin. 

එවර්ලන්ඩ් උද්‍යානයේ තවත් වැදගත් අංගයක් වනුයේ විව්ධාකාර  රෝලර් කෝස්ටර් සමුහයයි. මෙයිනුත් වඩාත් ජනප්‍රිය අංගය වනුයේ T-express නම් තනි දැවයෙන් නිම කල , අංශක 77 ප්‍රපාතයකට ගමන් කරන රෝලර් කෝස්ටර් ගමනයි. Rolling X-Train නම් රෝලර් කෝස්ටර් ගමන අංශක 360 ක වට රවුම් දෙකකකින් යුක්ත වේ. ලොමු දැහැගන්වන එහෙත් අපුරු අත්දැකීමක් ගෙන එන මෙම අංගයන් එවර්ල්න්ඩ් උද්‍යානයට පැමිණෙන සංචාරකයන් මගහරින්නේ නම් නැත.










The park has number of food and snack outlets offering various kinds of delicacies to fill you up after a fun filled day.

Travel Info -   Official Korea Tourism Webpage (English)
                          Official Everland Webpage  (English)


Map- 










Comments

Popular posts from this blog

Among Flowers & Between Rivers; Scenic Beauty of South Korea පුෂ්ප ගොමු හා නදී තෙරේ රැදුණු දකුණු කොරියාවේ සොඳුරු දසුන්

The Very First Journey of the K-Travel Bus